Latest News

ගනේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ “කෙහෙල් බද්දර පද්මේ” තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ගනේමුල්ලේ සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල ලබාදෙමින් එම ක්‍රියාව මෙහෙයවූ බවට සැකපිට රඳවා ප්‍රශ්න කරන “කෙහෙල් බද්දර පද්මේ” නමැති සැකකරු තවත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා රහස් පොලිසියට අද (05) අවසර ලබා දුන්නේය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දින 90ක් රඳවා ප්‍රශ්න කළ මෙම සැකකරු පෙබරවාරි 26 වැනිදා සිට තවත් දින 90ක කාලයක් සඳහා රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අදාළ අවසරය ලබා දුන්නේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, ගනේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්ෂක නිරෝෂන් උදිත් උදයශාන්තට එරෙහි නඩුව කැඳවූ අතර, එහිදී මෙම වැඩිදුර විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන් නොවූ බැවින් සහ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට අවශ්‍ය බැවින් අදාළ අවසරය ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එමෙන්ම ගනේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධව නීතිඥ වෙසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව කියන වෙඩික්කාර “කොමාන්ඩෝ සලින්ත” සහ මෙම ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිට නීතිඥ වෙස් ලබා ගැනීමට ආධාර කළ බවට සැකපිට රඳවා ප්‍රශ්න කරන කඩවත මහ බෝධි මාවතේ තමරා කුමාරි අබේරත්නට අයත් බව කියන Honda Vezel රථය ලියාපදිංචි හිමිකරු වෙත මුදාහැරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස එම පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, රථය මුදාහැරීමට විරුද්ධතාවයක් ඇත්නම් ලබන 19 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.
ඊට අමතරව, ගම්පහ පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක උදිත් උදයශාන්ත සැකකරු ලබන 19 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබේ

World News

Send your contact Details Today