ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අරුමානන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් “පොඩි ලැසී” ලබන මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ඔහු එම දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙස අධිකරණය දැනුම් දී ඇත.