Latest News

කොළඹ වරාය ආසන්න මුහුදේ ඉරාන දෙවන නෞකාවක් – IRIS Bushehr පිළිබඳ තොරතුරු වාර්තා වෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com




කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා ඇති ඉරානයට අයත් දෙවන නෞකාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.
වාර්තා අනුව IRIS Bushehr ලෙස හඳුන්වන මෙම නෞකාව ටැන්කර් වර්ගයට අයත් යුද සැපයුම් නෞකාවක් ලෙස සැලකේ. එය කොළඹ වරායට නාවික සැතපුම් 12ක් පමණ දුරින් මුහුදේ නැංගුරම් ලා ඇති බව සඳහන් වේ.
තවද, ඊයේ මුහුදුබත් වූ බවට වාර්තා වන IRIS Dena නෞකාවට සැපයුම් ලබාදීම සඳහා මෙම නෞකාව එම ප්‍රදේශයට පැමිණ ඇති බවද තොරතුරු සඳහන් කරයි.
එම නෞකාවේ කැඩෙට් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින බවටද වාර්තා වන අතර, දැනට එය AIS (Automatic Identification System) පද්ධතිය අක්‍රිය කර ඇති බවද පැවසේ.
මෙම IRIS Bushehr නෞකාව මීට පෙරද කිහිප වරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මෙවර පැමිණීම කිසිදු පෙර සැලසුමක් නොමැතිව සිදුවී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

World News

Send your contact Details Today