සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා අද (05) වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
ඔහු මීට පෙර බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ අතර, එම කාලසීමාවේදී විදේශගතව සිටි කෙහෙලෙබද්දර පද්මේ ඇතුළු පිරිස ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත්, සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් මෙරටට ගෙන්වා ගැනීමටත් මෙහෙයුම් සංවිධානය කළ ප්‍රධානියා විය.
පසුගිය කාලයේ ඔහු සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටි අතර, එම අවධියේදී මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවද වාර්තා වේ.