අද (04) දින ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය.
දිනය අවසානයේදී දර්ශකය ඒකක 134.03කින්, එනම් සියයට 0.60කින් ඉහළ ගොස්, සමස්ත අගය ඒකක 22,577.41ක් ලෙස සටහන් විය.
තවද, අද දින වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.7ක් ලෙස වාර්තා විය.