Latest News

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් – CIA මධ්‍යස්ථානය ඉලක්කයද යන්න සැකය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබියේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල සංකීර්ණය වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා පළ වේ.
රියාද් නගරයේ ඇති එම තානාපති කාර්යාල භූමියට ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු හා සෞදි බලධාරීන් තහවුරු කර තිබේ. එහෙත් එම ප්‍රහාරයේ ඉලක්කය මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) සම්බන්ධ ස්ථානයක්ද යන්න පිළිබඳ මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ කොටසකට හානි සිදුව ඇති අතර, ඇතුළත ප්‍රදේශය දුමෙන් වැසී ගොස් තිබූ බවද වාර්තා වේ.
ගොඩනැගිල්ලට හානි සිදුව තිබුණද, එහි සේවකයින්ට ස්ථානයෙන් ඉවත් නොවී අභ්‍යන්තරයෙන්ම රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ.

World News

Send your contact Details Today