අත්‍යවශ්‍ය මහජන සේවා කිහිපයක් ආවරණය වන පරිදි නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, මාර්ග සංවර්ධන, ජල සම්පාදන, ආහාර සැපයුම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවාවන්, ගිලන් රථ සේවා, මහ බැංකුව, රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන හා විදුලි සංදේශ සේවා, මාධ්‍ය සේවා, පහත්බිම් ගොඩකිරීම, කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි රක්ෂණ සේවා යන අංශ අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පෙර නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ කාලය යළිත් දීර්ඝ කර ඇති බව ද සඳහන් වේ.