Latest News

මාකොළ වයි හන්දියේ හදිසි ගින්නක් – වාහන 7ක් මුළුමනින්ම විනාශයි

Published 21 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාකොළ වයි හන්දිය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යන රථවාහන නවතා තබන ස්ථානයක හටගත් හදිසි ගින්නකින් එහි නවතා තිබූ වාහන 07 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය සහ කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.
ගින්න හේතුවෙන් කාර් රථ 02 ක්, ලොරි රථ 02 ක් සහ ජීප් රථ 03 ක් දුර්වල වී ඇති අතර සිදුව ඇති ආර්ථික හානිය තවම නිල වශයෙන් ගණනය කර නොමැති නමුත් එය රුපියල් කෝටි ගණනකට ළඟා වනු ඇති බවට සැක පළ කර ඇත.
ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම ස්ථානයේ නවතා තිබූ වාහනයක ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිවිය හැකි බවට සැක මතුව ඇත.
මෙම ගින්න ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ ඇතිවී තිබෙන බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today