Donald Trump පවසන්නේ ඉරානයේ නව නායකත්වය තම පාලනය සමඟ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්, ඒ අනුව ඔවුන් සමඟ සංවාද පැවැත්වීමට තමන් එකඟ වී ඇති බවත්ය.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, The Atlantic සඟරාවට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
“ඔවුන්ට කතා කිරීමට අවශ්‍යයි. මමත් ඒ සඳහා එකඟතාව ලබා දී තිබෙනවා. එම නිසා අපි ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, “මෙය ඔවුන් ඊට වඩා කලින් සිදු කළ යුතුව තිබුණා. ඉතා ප්‍රායෝගිකව සහ පහසුවෙන් විසඳාගත හැකි කරුණක් ඔවුන් පෙරම පිළිගත යුතුව තිබුණා. නමුත් ඔවුන් අතිශය ප්‍රමාද වුණා,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා කවදා පැවැත්වේද යන්න පිළිබඳව නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.