Latest News

තිරසාර වර්ධනයක් දෙස ගමන් කරන ශ්‍රී ලංකාවට එන ආයෝජක හා සංචාරක ප්‍රජාවට උණුසුම් පිළිගැනීමක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින අවස්ථාවේදී මෙරටට පැමිණෙන ආයෝජකයින් සහ සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පෙබරවාරි 26 දින පැවති Sri Lanka India Society විසින් සංවිධානය කළ ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් පැවති විශේෂ උත්සවය සහ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමින් ඇය මේ අදහස් පළ කළාය.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා–ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීමත්, “Port of Call” නමින් ග්‍රන්ථයක් අග්‍රාමාත්‍යවරියට සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයාට පිළිගැන්වීමත් සිදු විය.
අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ 1949 වසරේ ආරම්භ කරන ලද Sri Lanka India Society දශක හතකට වැඩි කාලයක් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් ලබාදී ඇති බවයි. සංස්කෘතික සහභාගීත්වය, සංවාදය සහ අන්තර්ක්‍රියා මඟින් රජයන් අතර පමණක් නොව ජනතාව අතරද සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම සංගමය කටයුතු කර ඇති බවද ඇය පැවසුවාය.
පසුගිය වසර තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විශේෂයෙන් දේවනිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට සහ එම ප්‍රදර්ශනය සඳහා පහසුකම් සැලසීමට ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳවද ඇය කෘතඥතාව පළ කළාය.
එසේම “Ditva” සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ අවස්ථාවේදී Indian Armed Forces විසින් ක්‍රියාත්මක කළ “Sagara Bandhu” මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්ෂණික සහය ලබාදුන් බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කිරීමද අගය කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකා–ඉන්දියා හවුල්කාරිත්වය ආර්ථික සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රය, සම්බන්ධතා (Connectivity), වෙළඳාම, ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හරහා ව්‍යාප්ත වී ඇති බවද ඇය සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha මහතා පවසා සිටියේ දෙරට අතර සබඳතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමට පමණක් සීමා නොවී ශක්තිමත් සහ විශේෂ හවුල්කාරිත්වයක් ලෙස වර්ධනය වී ඇති බවයි. ඉන්දියාවෙන් පිටත පිරිනමන ප්‍රථම ජාත්‍යන්තර උපාධි වැඩසටහන ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීම මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, High Commission of India in Sri Lanka හි නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

World News

Send your contact Details Today