Latest News

අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකය පුරාමත් ශ්‍රී ලංකාවේත් වයස අවුරුදු 30 සිට 50 දක්වා වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
මීට පෙර මෙම රෝග තත්ත්වයන් වැඩි වශයෙන් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර දක්නට ලැබූ බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම කරුණු පැහැදිලි කළාය.

World News

Send your contact Details Today