Latest News

රුසියානු තානාපතිවරයා ජනපති ලේකම් හමුවෙයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ හමුවක් පැවැත්වීය.
එම හමුවේදී, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ දෙරටටම අදාළ පොදු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුකෙරිණි.
ඊට අමතරව, සංචාරක, වෙළෙඳ හා තාක්ෂණික ක්ෂේත්‍ර ඇතුළු වැදගත් අංශ කිහිපයක සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී German Fedorov මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද එක්ව සිටියහ.

World News

Send your contact Details Today