Latest News

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සැකකෙරෙන දෙවන වෙඩික්කරු අත්අඩංගුවට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොනරාගල හුළංදාව ප්‍රදේශයේදී, අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු ලෙස සැකපළ වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොනරාගල පොලීසිය විසින් ක්‍රියාත්මක කළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අල්ලාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පොලීසියේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සිදුකරමින් පවතී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න තහවුරු කරගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ නිරීක්ෂණ පද්ධතිය භාවිතයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

World News

Send your contact Details Today