Latest News

රෝග ගණනාවකට තනි එන්නතක් – ලාංකික මහාචාර්යවරයෙකුගේ සොයාගැනීම ලෝක අවධානයට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


කැස්ස, හෙම්බිරිස්සාව සහ ඉන්ෆ්ලුවෙන්සාව (Flu) වැනි සාමාන්‍ය ශ්වසන රෝග පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතා තත්ත්වයන්ටද එරෙහිව ක්‍රියා කළ හැකි තනි විශ්වීය එන්නතක් (Universal Vaccine) ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් නිපදවා ඇති බවට වාර්තා වේ.
මෙම විශේෂ පර්යේෂණය සිදු කර ඇත්තේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ නායකත්වය යටතේය. විද්‍යාත්මක වශයෙන් මෙය, වසර දෙසියයකට ආසන්න එන්නත් ඉතිහාසයටම නව මඟක් විවර කරන විප්ලවීය සොයාගැනීමක් ලෙස විශේෂඥයින් විසින් හැඳින්වේ.
සාමාන්‍යයෙන් එන්නත් නිපදවන්නේ එක් නිශ්චිත රෝගයකට පමණක් ආරක්ෂාව සපයන අරමුණින්ය. එහෙත් මෙම නව එන්නත නාසයට ලබා දෙන ස්ප්‍රේ (Nasal Spray) ආකාරයෙන් භාවිතා කළ හැකි අතර, එමගින් විවිධ වෛරස් සහ බැක්ටීරියා වර්ග රැසකට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සූදානම් කරන බව සඳහන් වේ.
මෙහි ක්‍රියාකාරීත්වය, ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල අතර සිදුවන ස්වභාවික සන්නිවේදන ක්‍රියාවලිය අනුකරණය කිරීම මත පදනම් වේ. ඒ අනුව, පෙනහළුවල පිහිටි සුදු රුධිරාණු ඕනෑම ආක්‍රමණික ජීවීන්ට එරෙහිව සීරුවෙන් තැබීමට මෙය උපකාරී වන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.
සතුන් යොදාගෙන සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මෙම එන්නත භාවිතයෙන් වෛරස් ශරීරයට ඇතුළු වීම සැලකිය යුතු ලෙස – 100 ගුණයකින් සිට 1000 ගුණයක් දක්වා – අඩු කළ හැකි බවයි. තවද, එහි ආරක්ෂණ බලපෑම මාස තුනකට ආසන්න කාලයක් පවතින බවද අනාවරණය වී තිබේ.
මෙම එන්නත මගින්, නිවාස දූවිලි මයිටාවන් හේතුවෙන් ඇතිවන අසාත්මිකතා සහ ඇදුම වැනි රෝගී තත්ත්වයන් පවා පාලනය කිරීමේ හැකියාව පවතින බව මහාචාර්ය පුලේන්ද්‍රන් සඳහන් කරයි. ඔහු පවසන්නේ, මෙය ඉන්ෆ්ලුවෙන්සා හෝ කොවිඩ් වැනි රෝගවලට පමණක් සීමා නොවී, විවිධ බැක්ටීරියා ආසාදනවලටද පුළුල් ආරක්ෂාවක් ලබා දිය හැකි බවයි.
මේ අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙවැනි සොයාගැනීම් ශ්වසන රෝගවලට එරෙහිව මිනිසුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය මුළුමනින්ම වෙනස් කළ හැකි බවයි.
මෙම නව එන්නත මිනිසුන් යොදාගෙන සිදු කරන සායනික පරීක්ෂණ (Clinical Trials) ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය. එම පරීක්ෂණ සාර්ථක වුවහොත්, අනාගතයේදී රෝග රැසකට වෙන් වෙන්ව එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවම වීමට හෝ නැති වීමටද ඉඩ ඇති බව විශ්වාස කෙරේ.

World News

Send your contact Details Today