ගාල්ල දඩල්ල කනත්ත ආසන්න මාර්ගයේ නවතා තිබූ බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් අද (22) අලුයම සිදුවූ මාර්ග අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
තුවාල ලැබූ අනෙක් දෙදෙනා ගිංතොට සහ දඩල්ල ප්රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයන් බව වාර්තා වේ.
මෙම තිදෙනා අනතුරට ලක්ව ඇත්තේ අද (22) අලුයම රත්ගම පිංතාලිය හන්දියේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තම මිතුරන් දෙදෙනා බැලීම සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ගමන් කරමින් සිටියදී බව අනාවරණය වේ.
පෙර අනතුරින්ද එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන් වේ.