Latest News

“ARTEMIS – II” වසර 50කට පසු සඳ තරණයට

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1972 වසරෙන් පසු මිනිසුන් සඳවෙත යොමු කිරීමට සැලසුම් කර ඇති නාසා ආයතනයේ “ARTEMIS – II” මෙහෙයුම මාර්තු 6 වනදා දියත් කිරීමට නියමිත බව වාර්තා වේ. මීට පෙර නියම කර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයක් ලෙස සැලකේ.
මෙහෙයුම සඳහා භාවිත වන රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මේ වනවිට සූදානම් කර ඇති අතර, අවශ්‍ය දහන ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ අදියර ඊයේ (20) පැවැත්වී ඇත.
පළමු ඉන්ධන පිරවීමේදී හඳුනාගත් තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙම අතිරේක පරීක්ෂණ වටය සංවිධානය කිරීමට නාසා ආයතනයට සිදුවූ බව සඳහන් වේ.
අදාළ රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක ප්‍රමාණයක් පිරවිය හැකි අතර, “ARTEMIS – II” මෙහෙයුම යටතේ ගගනගාමීන් සිව් දෙනෙකු සහභාගී වීමට නියමිතය.

World News

Send your contact Details Today