ගන්දර පොලිස් බලප්‍රදේශයට අයත් දෙවුන්දර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසල අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලීසිය සඳහන් කරයි.
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකු මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකක් භාවිත කර වෙඩි තැබීම සිදුකළ බවට පොලීසිය සැක පළ කරයි.
වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ සිරිල් හෙන්දාවිතාරණ නොහොත් ‘ඩිලයිට්’ ලෙස හඳුන්වන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධතා තිබූ බවටද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියසම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ