Latest News

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (පෙබරවාරි 21) ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස සැමරේ. භාෂාමය හා සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම මෙම දිනයේ මූලික අරමුණ වේ.
මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූයේ 1999 වසරේදී UNESCO සමුළුවකදීය. 2000 වසරෙන් අනතුරුව ලොව පුරා එය නිල වශයෙන් සැමරීම ආරම්භ විය. තිරසාර සමාජ සංවර්ධනය සඳහා භාෂා සහ සංස්කෘතික විවිධත්වය අත්‍යවශ්‍ය බව UNESCO අවධාරණය කරයි.
ජාත්‍යන්තර මව් භාෂා දිනය පිහිටුවීම සඳහා වූ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ බංග්ලාදේශය විසිනි. එරට මව් භාෂා අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකළ ඉතිහාසගත කැපවීම මෙම පිළිගැනීමට හේතු වී ඇත.
1952 දී උර්දු භාෂාව ජාතික භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයට එරෙහිව බංග්ලාදේශයේ විශාල විරෝධතා උද්ගත විය. එම සිදුවීම් අතරතුර ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, පසුව බෙංගාලි භාෂාව ජාතික භාෂාව ලෙස පිළිගැනුණි.
එම භාෂා අරගලය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 21 වනදා ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස සැමරීමට නියමිතය.

World News

Send your contact Details Today