අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන මත 10%ක නව තීරු බද්දක් පැනවීමට ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණය ප්‍රකාශයට පත් වන්නේ, ජනාධිපතිවරයා විසින් පෙර පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනතුරුවය.
අදාළ නඩුව සම්බන්ධයෙන් 6–3 ක බහුතරයකින් තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, ජාතික හදිසි අවස්ථා සඳහා වෙන් කර ඇති නීතිමය ප්‍රතිපාදන යටතේ තීරුබදු පැනවීම මඟින් ජනාධිපති ට්‍රම්ප් ඔහුට හිමි බල සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
ඒ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් එය විවේචනයට ලක් කර තිබේ. එම තීන්දුව “භයානක” එකක් ලෙස විස්තර කළ ඔහු, තම වෙළෙඳ ප්‍රතිපත්තියට විරුද්ධ වූ විනිසුරුවරුන් පිළිබඳවද දැඩි අදහස් පළ කර ඇති බව වාර්තා වේ.