දෙහිවල මැරින් ඩ්රයිව් හී පිහිටි හෝටලයක හිමිකරුවකු වූ සනත් බාලසුරියාරච්චි නොහොත් සනා මාමා ඝාතනයේ වෙඩික්කරු කළුතර කොට්ඨාශ අපරාධ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
කළුතර පාතාල කල්ලි නායකයකු වූ කළුතර නවීන්ගේ වෙඩික්කරු වන අතර පසුගියදා කළුතර ප්රදේශයේ සජබ ප්රාදේශීය අපේක්ෂකයකුට වෙඩි තැබීමේ සිදුවීමේද වෙඩික්කරු වේ.
කෙසේ වෙතත් මෙම සැකකරු දෙහිවල ඝාතනයට සම්බන්ධ වීමෙන් පසුව පොලීසිය විසින් අඳින ලද සිතුවම් සහ AI ඡායාරූම කිහිපයක් අපට ලැබී ඇති අතර මේවා ඉදිරියේදී සැකකරු සෙවීම සඳහා යොදාගැනීමට නියමිතව තිබිණි.




