ලෝකයේ සාමය සහ කරුණාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ඇරඹී සාම පාගමන දින 108 කට පසුව අද වොෂින්ටන් නුවරින් අවසන් විය.
සැතපුම් 2,300ක විශාල දුරක් ගොස් වොෂින්ටන් නුවර වෙත ළඟාවීමෙන් පසුව මෙලෙස භික්ෂූන් වහන්සේලා කණ්ඩායම විසින් අවසන් කරනු ලැබුහ.

මෙම සාම පාගමන පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ටෙක්සාස්හි, ෆෝර්ට් වර්ත් නුවරින් ආරම්භ කළ අතර දින 108කට පුරා පාද යාත්‍රාවේ යෙදීය.
ටෙක්සාස්හි ‘හියුං ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ‘ භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් විසින් මෙය මෙහෙයවූ අතර මෙම පාගමනේදී එක්වූ ”ආලෝක” නම් සුනඛයා ගැනද ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානයට සහ ආදරයට ලක්විය.


