හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් අද(11) මරණ දඬුවම නියම කරනු ලැබීය.
අරගල සමයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමට අදාලව විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගම්පහ මහාධිකරණයේ දී කැඳවු අතර එහි දී මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.
ඒ විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල ඉදිරියේ දී ය.
සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සියලුම චෝදනාවලින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව තීන්දු කරමින් කියා සිටියේ පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට එම චෝදනා ඔප්පු කර නොමැති බවයි.
එහි දී රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන මහාධිකරණ විනිසුරුවරුන් තීන්දු කළේ, සියලුම චෝදනා සම්බන්ධයෙන් චූදිතයන් 23 න් දෙනෙකු පමණක් නිදොස් කොට නිදහස් කිරීමටය.
අනෙකුත් චෝදනාවලින් පළමු චෝදනාව වූ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් චූදිතයන් සිව් දෙනෙකු වැරදිකරුවන් ලෙස හඳුනාගත් එම විනිසුරුවරු දෙපළ එම සිව් දෙනා සඳහා මාස 6 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම අවුරුදු 5 කට අත්හිටුවනු ලැබූවා. මරණකරුවන්ගේ බිරින්දෑවරු සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු බව හා දඩයක් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ගෙවිය යුතු බව තීන්දු කළේය.
මෙහි දී ඝාතනය කිරීමේ චෝදනා සහ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ 12 දෙනෙකු සඳහා අධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමටයි එම වින්සුරුවන් දෙපළ තීන්දු කරනු ලැබුහ.