විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතින්නේද යන්න සෙවීමේදී මෙතෙක් කාලයක් විද්‍යාඥයන් මූලිකත්වය දුන් ‘ජලය’ (Water) පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය කාලය නාස්ති කිරීමක් විය හැකි බවත් පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙයි.
ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ ETH Zurich ආයතනයේ ආචාර්ය ක්‍රේග් වෝල්ටන් ඇතුළු පර්යේෂකයන් පිරිසක් පවසන්නේ, ජීවය බිහි වීමට නම් ජලයට අමතරව ෆොස්ෆරස් (Phosphorus) සහ නයිට්‍රජන් (Nitrogen) යන මූලද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් තිබීම අත්‍යවශ්‍ය බවයි.
ජීවය සඳහා අවශ්‍ය ජානමය තොරතුරු ගබඩා කරන DNA සහ RNA සෑදීමට ෆොස්ෆරස් අත්‍යවශ්‍ය වන අතර, සෛලවල මූලික ගොඩනැගුම් ඒකකය වන ප්‍රෝටීන් සෑදීමට නයිට්‍රජන් අවශ්‍ය වේ.
ඕනෑම ග්‍රහලෝකයක් නිර්මාණය වීමේදී එහි ඇති ඔක්සිජන් ප්‍රමාණය මත මෙම මූලද්‍රව්‍ය මතුපිට ඉතිරි වේද නැද්ද යන්න තීරණය වේ.
ඒ අනුව ඔක්සිජන් වැඩි වුවහොත් ෆොස්ෆරස් ග්‍රහලෝකයේ මැද ස්ථරයේ (Mantle) සිරවන අතර නයිට්‍රජන් අභ්‍යවකාශයට පිටවී යන අතර ඔක්සිජන් අඩු වුවහොත් ෆොස්ෆරස් ග්‍රහලෝකයේ මධ්‍යයට (Core) ඇදී ගොස් ජීවය බිහි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වේ.
පෘථිවිය අහඹු ලෙස මෙම “රසායනික රන්වන් කලාපයේ” හරියටම මැද පිහිටා තිබීම නිසා අපට ජීවය උරුම වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
මෙම පර්යේෂණයට අනුව අඟහරු ග්‍රහයා පවතින්නේ මෙම රසායනික කලාපයට මඳක් පිටතින් ය. අඟහරු මත ෆොස්ෆරස් බහුලව ඇති බැවින් එහි ආහාර වගා කිරීම (ගොවිතැන) පෘථිවියට වඩා පහසු විය හැකි නමුත්, එහි මතුපිට නයිට්‍රජන් අතිශය අඩු වීම සහ විෂ සහිත ලවණ තිබීම බරපතල ගැටලුවකි.
එලොන් මස්ක් වැනි අභ්‍යවකාශ ගවේෂකයන්ට අඟහරු මත ජීවය බිහි කිරීමට නම් එහි රසායනික සංයුතිය වෙනස් කිරීමට ඉතා දියුණු ක්‍රම සොයා ගැනීමට සිදුවනු ඇත.
මෙතෙක් තාරකා විද්‍යාඥයන් සිතා සිටි ප්‍රමාණයට වඩා ජීවය පවතින ග්‍රහලෝක සංඛ්‍යාව 1% සිට 10% දක්වා ඉතා අඩු මට්ටමක පවතින බව මෙම නව ගණනය කිරීම්වලින් හෙළි වී තිබේ.
අනාගතයේදී පිටසක්වල ජීවීන් සෙවීමේදී ග්‍රහලෝකයක ජලය හෝ ඔක්සිජන් තිබේදැයි බැලීමට පෙර, එම ග්‍රහලෝකය නිර්මාණය වූ තාරකාවේ රසායනික සංයුතිය පරීක්ෂා කිරීම වඩාත් වැදගත් වනු ඇත. මන්ද ග්‍රහලෝකයක් නිර්මාණය වන්නේ එය වටා භ්‍රමණය වන තාරකාවේ ඇති අමුද්‍රව්‍ය වලින්ම වන බැවිනි.