Latest News

මිසයිලවලට වඩා සීතල මාරාන්තික වෙයි – රුසියානු ප්‍රහාර හමුවේ සීතලෙන් මියයන යුක්‍රේන වැසියන් ගැන බියකරු හෙළිදරව්වක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ප්‍රහාර හේතුවෙන් බලශක්ති පද්ධති බිඳවැටී ඇති යුක්‍රේනයේ, සෘණ 10 සෙල්සියස් අංශක දක්වා පහත වැටී ඇති අධික සීතල දරාගත නොහැකිව සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

යුක්‍රේන බලධාරීන් මෙම මරණ හඳුන්වන්නේ “සුදු මරණ” (White Deaths) යන භීතජනක නාමයෙනි.

පසුගිය ජනවාරි 9 වැනිදා රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකින් යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් රැසක් විනාශ විය.

එහිදී රුසියානු හමුදා ප්‍රථමයෙන් එක් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර, ඉන් විනාඩි 30කට පමණ පසු සහන සේවකයින් පැමිණි විට එම ස්ථානයටම නැවත ප්‍රහාරයක් එල්ල කරන ‘Double-tap’ උපක්‍රමය භාවිතා කර තිබේ.

මෙම ප්‍රහාරයේදී රුසියාව විසින් යුරෝපයේ දියුණුතම ගුවන් ආරක්ෂක පද්ධතිවලට පවා හසු නොවන, පැයට කිලෝමීටර් 13,000ක වේගයෙන් යන ‘ඔරෙෂ්නික්’ (Oreshnik) බැලිස්ටික් මිසයිල ද භාවිතා කර ඇත.

ප්‍රහාර හමුවේ විදුලිය, ජලය සහ මධ්‍යම තාපන පද්ධති (Central heating) අක්‍රිය වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් අන්ත අසරණ වී සිටිති.

ටර්නොපිල් සහ රිව්නේ යන කලාප දෙකෙන් පමණක් සීතල දරාගත නොහැකිව (Hypothermia) මියගිය පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර, මුළු රට පුරාම මෙම සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බවට ගණන් බලා ඇත.

එමෙන්ම නිවාස උණුසුම් කර ගැනීම සඳහා ගල් අඟුරු සහ දර ගෘහස්ථව දහනය කිරීම නිසා වායු විෂ වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර අධික සීතල හේතුවෙන් අලුත උපන් බිළිඳුන් සහ කුඩා දරුවන් ස්වසන රෝගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව UNICEF සංවිධානය අනතුරු අඟවයි.

කෙසේවෙතත් යුක්‍රේන හමුදාව විසින් සිවිල් වැසියන් සඳහා තාවකාලික කූඩාරම් ඉදිකර දර ලිප් මගින් උණුසුම සහ ආහාර ලබාදීමට පියවර ගෙන ඇති අතර, කිව් නගරයේ නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හැකි නම් දර සහ ගල් අඟුරු පහසුකම් ඇති පිටිසරබඩ ප්‍රදේශවලට තාවකාලිකව සංක්‍රමණය වන ලෙසයි.

World News

Send your contact Details Today