Latest News

ලංකාවේ සිම්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය වෙයි – තරුණ වයස් කාණ්ඩයටත් නව ක්‍රමවේදයක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සියලුම ජංගම දුරකථන සිම්පත් (SIM Cards) සඳහා පාරිභෝගික තොරතුරු යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

රජය පෙන්වා දෙන්නේ 2019 අගෝස්තු 02 දින ප්‍රකාශයට පත් කළ සිම්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි බලපැවැත්වූයේ ඉන් පසුව නිකුත් කළ සිම්පත් සඳහා පමණක් බවයි.

මේ හේතුවෙන් ඊට පෙර නිකුත් කළ බොහෝ සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු විදුලි සංදේශ සේවා සපයන්නන් සතුව නොමැති බව අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය තුළ නීතිමය සහ අපරාධ විමර්ශන කටයුතුවලදී බරපතල බාධා මතු වීම, ව්‍යාජ තොරතුරු මත ක්‍රියාත්මක වන සිම්පත් හරහා සිදුවන අයථා ක්‍රියා සහ මූල්‍ය වංචා ඉහළ යාම, ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන අවම කිරීම, වැනි කරුණු සලකා බලා මෙම නව තීරණය ගෙන ඇත.

මෙහිදී වත්මන් 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කරමින් හඳුන්වා දෙන නව රෙගුලාසි හරහා වයස අවුරුදු 16-17 අතර පසුවන්නන් සඳහා සිම්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, විදේශිකයන් සඳහා සිම්පත් නිකුත් කිරීම සහ ඒවායේ වලංගු කාලසීමාවන් පාලනය කිරීම විධිමත් කෙරෙනු ඇත.

ඒ අනුව, ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ අදාළ සේවා සපයන්නන් විසින් සිය පාරිභෝගිකයන්ට තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දෙනු ඇත.

World News

Send your contact Details Today