ඉතාලියේ නගරවල පවතින වායු දූෂණ මට්ටම (Smog) ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත්, සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට එම ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව එරට ප්‍රමුඛ පරිසර සංවිධානයක් වන Legambiente පවසයි.
Legambiente සංවිධානය විසින් නිකුත් කරන ලද “Mal’Aria di città 2026” වාර්තාව මගින් 2025 වසරේ ඉතාලියේ වායු ගෝලයේ තත්ත්වය පිළිබඳ මෙම කරුණු අනාවරණය කර ඇත.
එම වාර්තාවට අනුව, 2025 වසර වායු ගුණාත්මකභාවය අතින් මෑත කාලීනව වාර්තා වූ සාර්ථකම වසරක් ලෙස සැලකේ.
ඒ අනුව වාතයේ අඩංගු හානිකර ක්ෂුද්‍ර අංශු (PM10) නියමිත සීමාව ඉක්මවා ගිය නගර සංඛ්‍යාව පහත පරිදි අඩු වී ඇත.
2022: නගර 29ක්
2023: නගර 18ක්
2024: නගර 25ක්
2025: නගර 13ක්
මෙවර වාර්තාවට අනුව වායු දූෂණය වැඩිම නගරය ලෙස පලර්මෝ (Palermo) වාර්තා වන අතර, මිලාන්, නේපල්ස් සහ රගුසා නගර ද ඉහළ දූෂණ මට්ටම් පෙන්වා දී ඇත.
ඉතාලියේ වායු ගුණාත්මකභාවය යහපත් වෙමින් පැවතියද, 2030 වසර සඳහා යුරෝපා සංගමය හඳුන්වා දීමට නියමිත දැඩි සීමාවන්ට අනුව බලන කල තත්ත්වය බරපතල බව වාර්තාව පවසයි.
වායු දූෂණය අවම කිරීමේ වේගය ඉතා මන්දගාමී බව පෙන්වා දෙන Legambiente සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජියෝ සම්පෙට්ටි, රජය විසින් මේ සඳහා ලබාදෙන ප්‍රතිපාදන කපා නොදැමිය යුතු බව අවධාරණය කරයි.
තිරසාර ප්‍රවාහන ක්‍රම, ගොඩනැගිලිවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, කාර්මික විමෝචනය අඩු කිරීම සහ කෘෂිකාර්මික අංශයේ නවීකරණයන් සඳහා රජයේ සහාය අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.