Latest News

කොළඹ ලෝක කුසලාන තරගයේදී ක්‍රීඩාංගණය දෙවනත් කළ පහරකින් එකම දේ දෙපාරක් වෙයි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹදී පැවති ආරම්භක තරගය අතරතුර අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් වාර්තා විය.

නෙදර්ලන්ත පිතිකරුවෙකු එල්ල කළ දැවැන්ත හයේ පහරක් ක්‍රීඩාංගණයෙන් පිටතට ගොස් පාරේ ගමන් කළ සාමාන්‍ය වැසියෙකුගේ මෝටර් රථයක වින්ඩ්ස්ක්‍රීන් එකකට වැදී එයට දැඩි හානි සිදුව තිබේ.

මෙහි අතිශය සුවිශේෂී සිදුවීම වන්නේ SSC හා CCC හිදි දෙවතාවක්ම Shuhaib Javahit නම් පුද්ගලයාට මේ අවාසනාවන්ත සිදුවීමට දින 3ක් ඇතුළත අවස්ථා දෙකකදී මුහුණදීමට සිදුවීමයි.

පළමු සිදුවීම වාර්තා වූයේ පසුගිය 7 වැනිදා SSC ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන – නෙදර්ලන්ත ලෝක කුසලාන තරගය අතරතුරයි.

එහිදී නෙදර්ලන්ත පිතිකරු මයිකල් ලෙවිට්, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩිට එල්ල කළ දැවැන්ත හයේ පහරක් ක්‍රීඩාංගණයෙන් පිටත නතර කර තිබූ ෂුහයිබ්ගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදී එයට හානි සිදුවිය.

එමෙන්ම පළමු අනතුරෙන් පසු රුපියල් 30,000ක මුදලක් වැය කර වින්ඩ්ස්ක්‍රීන් එක අලුත්වැඩියා කර ගැනීමට Shuhaib Javahit කටයුතු කර තිබුණි.

එහෙත්, ඉන් දින දෙකකට පසු එනම් ඊයේ දිනයේදී, කොළඹ CCC ක්‍රීඩාංගණය අසල වාහනය නතර කර තිබියදී පාකිස්තාන කණ්ඩායමේ පුහුණු සැසියකදී එල්ල වූ පන්දු පහරක් නැවතත් එම වින්ඩ්ස්ක්‍රීන් එකේම වැදී එයට හානි සිදුවිය.

දින තුනක් ඇතුළත එකම හානිය දෙවතාවක් සිදුවීම නිසා ෂුහයිබ්ට වින්ඩ්ස්ක්‍රීන් එක අලුත්වැඩියා කිරීමට පමණක් රුපියල් 60,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

ක්‍රිකට් ලෝකයේ මෙවැනි සිදුවීම් අතිශය දුර්ලභ වන අතර, මෙම පුවත මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.

World News

Send your contact Details Today