Latest News

ශීත ඍතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් පාප් වහන්සේගෙන් විශේෂ පණිවුඩයක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 මිලානෝ කෝටිනා (Milan Cortina) ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලිය ආරම්භ වීම නිමිත්තෙන් 14 වන ලියෝ පාප් වහන්සේ ලෝක ප්‍රජාව වෙත විශේෂ ආයාචනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩාවේ වටිනාකම පිළිබඳව පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ලිපියක් මගින් උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ ඔලිම්පික් සටන් විරාමය (Olympic Truce) ගරු කරන ලෙසයි.

ලෝකයේ පවතින ගැටුම්කාරී වතාවරණයන් සැලකිල්ලට ගනිමින්, සියලු ජාතීන් ඔලිම්පික් සටන් විරාමය නමැති බලාපොරොත්තුවේ මෙවලමට ගරු කළ යුතු බව පාප් වහන්සේ පෙන්වා දෙති.

“සමගි වූ ලෝකයක සංකේතයක් සහ පොරොන්දුවක් වන මෙම සටන් විරාමය යළි සොයා ගන්නා ලෙස මම මුළු හදවතින්ම සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිමි,” යනුවෙන් උන්වහන්සේ සිය ලිපියෙන් සඳහන් කර ඇත.

අමෙරිකානු ජාතිකයෙකු වන 14 වන ලියෝ පාප් වහන්සේ ක්‍රීඩාව මගින් මානව සහෝදරත්වය ගොඩනැගෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝව විග්‍රහ කර තිබේ.

ඔලිම්පික් සමාරම්භක උළෙලට සමගාමීව නිකුත් වූ මෙම පණිවුඩය හරහා උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ ක්‍රීඩාව හරහා ලෝකයට සාමය සහ සහජීවනය උදා කිරීමයි.

World News

Send your contact Details Today