Latest News

සිරියාව ගොඩනැගීමට සෞදියෙන් අතිවිශාල ආයෝජනයක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 14ක සිවිල් යුද්ධයෙන් බැටකෑ සිරියාවේ ආර්ථිකය යළි නගාසිටුවීම සඳහා සෞදි අරාබිය විසින් අතිවිශාල ආයෝජන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බලශක්ති, ගුවන් සේවා, දේපළ වෙළඳාම් සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි මෙම ආයෝජන ක්‍රියාත්මක වේ.

සෞදි ආයෝජන අමාත්‍ය ඛලීඩ් අල්-ෆාලිහ් (Khalid al-Falih) සෙනසුරාදා ප්‍රකාශ කළේ, සිරියාවේ ඇලෙප්පෝ (Aleppo) නගරයේ ගුවන් තොටුපළ දෙකක් අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා සෞදි රියාල් බිලියන 7.5ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක) අරමුදලක් ස්ථාපනය කළ බවයි.

මෙය ‘Elaf Fund’ ලෙස නම් කර ඇති අතර සෞදි පෞද්ගලික අංශයේ දායකත්වය ද මීට හිමිවේ.

සිරියාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් සෞදියේ ‘flynas’ ගුවන් සේවය සහ සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව “flynas Syria” නමින් නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට ගිවිසුම් ගත විය.

සිරියානු වැසියන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මුහුදු ජලය ලවණීකරණය කර පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ද මීට ඇතුළත් වේ.

සෞදියේ ‘ACWA Power’ සමාගම සමඟ එක්ව සිරියානු වෙරළ තීරයේ සිට දකුණු ප්‍රදේශය දක්වා ජලය රැගෙන යාමට සැලසුම් කර ඇති බව සිරියානු බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

2024 වසරේ අගභාගයේදී බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳවැටී අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) ප්‍රමුඛ නව නායකත්වය බලයට පත්වීමෙන් පසු, සිරියාවට පනවා තිබූ ඇමෙරිකානු සම්බාධක ඉවත් කෙරිණි.

මෙම ආයෝජන මාලාව සිරියාවේ නව රජයට සෞදි අරාබිය ලබා දෙන ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සහයෝගයක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, සිරියාවේ අන්තර්කාලීන රජය විදේශීය ආයෝජකයින් සමඟ අවබෝධතා ගිවිසුම් රාශියකට එළඹුණද, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ වේගය පිළිබඳව විවේචන ද එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

World News

Send your contact Details Today