Latest News

ලොව ප්‍රබලම සුළං ටර්බයිනය චීනයෙන් – නිවාස 44,000කට විදුලිය දෙන දැවැන්තයා මෙන්න

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ප්‍රථම මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් අතිවිශාල කරදිය සුළං ටර්බයිනය සාර්ථකව විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට චීනය සමත්ව තිබේ.

මෙය චීනයේ පර්යේෂණ හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම සාගර ඉදිකිරීම් තාක්ෂණයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.

මෙය මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින්, මීටර් 40කට වඩා ගැඹුරු මුහුදේ මෙම ටර්බයිනය පිහිටුවා ඇත.

මෙහි කේන්ද්‍රීය උස මීටර් 174කි. එය දළ වශයෙන් තට්ටු 58ක ගොඩනැගිල්ලකට සමාන වේ.

මෙහි තල භ්‍රමණය වන විෂ්කම්භය මීටර් 300ක් වන අතර, එය පාපන්දු පිටි 10ක පමණ වපසරියක් ආවරණය කරයි.

මෙම තනි ටර්බයිනය මඟින් වාර්ෂිකව විදුලි ඒකක (Kilowatt-hours) මිලියන 80කට වඩා ජනනය කිරීමට අපේක්ෂිතය.

මෙය සාමාන්‍ය නිවාස 44,000ක වාර්ෂික විදුලි අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් වේ.

එමෙන්ම, මෙමඟින් වසරකට ගල්අඟුරු ටොන් 22,000ක් පමණ පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් වන බැවින් පරිසර දූෂණය අවම කිරීමටද විශාල දායකත්වයක් ලැබේ.

චීනය විසින්ම දේශීයව නිපදවන ලද සැහැල්ලු සහ බුද්ධිමත් පාලන පද්ධති (Digital Intelligent Integration) මෙහි භාවිත කර ඇත.

සාමාන්‍ය සුළං ටර්බයින වලට වඩා 20% කින් බර අඩු වන පරිදි මෙය නිර්මාණය කර ඇති බැවින්, අඩු සුළං තත්ත්ව යටතේ වුවද උපරිම විදුලියක් නිපදවීමේ හැකියාව මෙයට පවතී.

ගැඹුරු මුහුදේ බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන රටවලට මෙම චීන තාක්ෂණය ඉදිරියේදී මහත් ආදර්ශයක් වනු ඇති බව විදෙස් විචාරකයෝ පවසති.

World News

Send your contact Details Today