Latest News

හෙට සිට තැපැල් ගාස්තු ඉහළට – අවම ගාස්තුව රුපියල් 70 දක්වා වැඩිකරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ තැපැල් ගාස්තු හෙට (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සේවාව පවත්වාගෙන යාම සඳහා මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම නව ගාස්තු සංශෝධනයට අනුව මින් පෙර පැවති අවම තැපැල් ගාස්තුව හෙට සිට රුපියල් 70.00 දක්වා ඉහළ යනු ඇත.

මෙම මිල සංශෝධනයට අදාළ සෙසු ගාස්තු විස්තර සහ ගැසට් නිවේදනය ඉදිරියේදී සියලුම තැපැල් කාර්යාල වෙත යොමු කිරීමට නියමිත බවත්, හෙට සිට නිකුත් කරන සියලුම තැපැල් සේවාවන් සඳහා මෙම නව මිල ගණන් අදාළ වන බවත් තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today