Latest News

ඔබාමා යුවළ ඉලක්ක කරගත් මතභේදාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍යයට

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඕබාමා සහ මිෂෙල් ඕබාමා යුවළ අපහාසයට ලක්වන අයුරින් සකස් කළ වර්ගවාදී වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමක පළ වූ මෙම වීඩියෝව, පැය 12කට ආසන්න කාලයක් අන්තර්ජාලයේ පැවති අතර පසුව එය ඉවත් කර ගැනීමට පියවර ගැනුණි.

ධවල මන්දිරය මුලින් ප්‍රකාශ කළේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු අතින් සිදු වූ වැරදීමකින් මෙය පළ වූ බවයි.

නමුත් සිකුරාදා දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පිළිගත්තේ තමන් එම වීඩියෝවේ මුල් කොටස නැරඹූ බවයි.

ඡන්ද දූෂණ සම්බන්ධ කරුණු ඇතුළත් වූ එම මුල් කොටස තමන් අනුමත කළ ද, එහි අවසානයට ඇතුළත් කර තිබූ අහිතකර සහ වර්ගවාදී කොටස් තමන් දැක නොතිබූ බව ඔහු පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැදීමට සූදානම් දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ “නැහැ, මම කිසිම වැරැද්දක් කළේ නැහැ” යනුවෙනි.

වීඩියෝවේ අග කොටසේ තිබූ ජාතිවාදී අන්තර්ගතය තමන් හෙළා දකින බව පැවසූ ඔහු, තමන් දීර්ඝ කාලයකට පසු අමෙරිකාවට ලැබුණු “අඩුම ජාතිවාදී ජනාධිපතිවරයා” බව ද අවධාරණය කළේය.

මෙම වීඩියෝව පළ වීමත් සමඟ රිපබ්ලිකන් පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද දැඩි දෝෂදර්ශනය ට්‍රම්ප් වෙත එල්ල විය.

විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ එකම කළු ජාතික සෙනෙට් සභිකයා වන ටිම් ස්කොට් (Tim Scott) මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ මෙය පැහැදිලිවම වර්ගවාදී ක්‍රියාවක් බවයි.

කළු ජාතික ඡන්දදායකයන් අතර පවතින ජනප්‍රියතාවයට මෙයින් හානියක් වේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කළු ජාතිකයන් වෙනුවෙන් ඉටු කළ සේවය හමුවේ එවැනි බලපෑමක් ඇති නොවන බවයි.

World News

Send your contact Details Today