Latest News

පිටසක්වල ජීවීන්ගේ රහස් හෙළිවෙයි? – Area 51 ඇතුළු රහස් කලාප පරීක්ෂාවට ට්‍රම්ප්ගෙන් අවසර

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳ දශක ගණනාවක් තිස්සේ සැඟව තිබූ රහස් හෙළි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කොංග්‍රස් මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව, ලොව වඩාත්ම රහසිගත හමුදා කලාපයක් ලෙස සැලකෙන ‘ඒරියා 51’ (Area 51) ඇතුළු රහස් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට මිසූරි ප්‍රාන්තයේ කොංග්‍රස් සභික එරික් බර්ලිසන්ට (Eric Burlison) අවස්ථාව හිමිව ඇත.

පිටසක්වල යානා, අද්භූත ද්‍රව්‍ය සහ පිටසක්වල ජීවීන්ගේ ශරීර පවතින බවට සැක කෙරෙන අමෙරිකානු හමුදා කඳවුරු සහ ලේඛනාගාර වෙත ප්‍රවේශ වීමට ජනාධිපතිවරයා සහ ධවල මන්දිර කාර්ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

වෙනත් රටක පිහිටි රහසිගත ස්ථානයක, චලනය කළ නොහැකි තරම් විශාල පිටසක්වල යානයක් පවතින බවත්, එය ආවරණය වන සේ දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත් සභික බර්ලිසන් අනාවරණය කළේය.

ආරක්ෂක හේතූන් මත එහි පිහිටීම ඔහු හෙළි නොකළද, එය පරීක්ෂා කිරීම තම අවසන් ඉලක්කය බව ඔහු පවසයි.

ධවල මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, පිටසක්වල ජීවීන් පිළිබඳ අමෙරිකාව සතු සියලු තොරතුරු එළඹෙන ජූලි මාසය වන විට ප්‍රසිද්ධ කිරීමට රජය සැලසුම් කරමින් සිටී.

සභික බර්ලිසන් පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් මේ වන විටත් පිටසක්වල ජීවීන්, 1940 දශකයේ සිට අත්අඩංගුවට ගත් UFO යානා සහ දැනට පෘථිවියේ ජීවත් වන බවට සැක කෙරෙන ‘පිටසක්වල-මානව දෙමුහුන් ජීවීන්’ (Hybrids) පිළිබඳව සම්පූර්ණයෙන් දැනුම්වත් කර ඇති බවයි.

පෙන්ටගනය මීට පෙර මෙවැනි සාක්ෂි පවතින බව ප්‍රතික්ෂේප කළද, වගකිවයුතු හමුදා නිලධාරීන් සහ විමර්ශකයන් ඉදිරිපත් කළ සාක්ෂි හමුවේ මෙම රහස් තවදුරටත් වසා තැබිය නොහැකි බව විචාරකයෝ පවසති.

World News

Send your contact Details Today