එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට පනවා ඇති තහනම තහවුරු කරමින් නිකුත් වූ තීන්දුවකට එරෙහිව එම්.ඩී.එම්.කේ. (MDMK) පක්ෂයේ මහලේකම් වයිකෝ ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම මදුරාසි මහාධිකරණය විසින් කල් තබන ලදී.
ඒ අනුව, අදාළ පෙත්සම ලබන පෙබරවාරි 16 වනදා යළි කැඳවීමට නියමිතය.
අදාළ නඩුව ඇනිටා සුමනත් සහ සී. කතීර් කුමාර් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණු ලැබූ අතර, මීළඟ නඩු වාරයේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට පෙනී සිටීම සඳහා මධ්‍යම රජය කළ ඉල්ලීමක් මත මෙම කල් තැබීම සිදු විය.
1991 වසරේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයෙන් පසු ඉන්දියාව ප්‍රථම වරට එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කළ අතර, එය වරින් වර දීර්ඝ කෙරුණි.
අවසන් වරට 2024 වසරේදී පැනවූ තහනම දිල්ලි මහාධිකරණ විනිශ්චය සභාව විසින් ද ස්ථිර කරනු ලැබුවේ, එම සංවිධානයේ අරමුණු ඉන්දියාවේ ඒකීයභාවයට තර්ජනයක් වන “නීති විරෝධී ක්‍රියාකාරකම්” ගණයට වැටෙන බව පවසමිනි.
වයිකෝ විසින් මෙම තහනම අභියෝගයට ලක් කරමින් තර්ක කරන්නේ, වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ එල්.ටී.ටී.ඊ. අරමුණ ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් බවත්, එයින් ඉන්දියාවේ භූමියට හෝ අඛණ්ඩතාවයට තර්ජනයක් නොවන බවත්ය.