Latest News

ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙකුම ඔස්ට්‍රේලියාවට අහිමි වෙයි

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මොහොතක් තිබියදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි පසුබෑමක් එක් කරමින් ඔවුන්ගේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ් (Josh Hazlewood) තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද (සිකුරාදා) තහවුරු කළේ හෙසල්වුඩ්ට මෙම තීරණාත්මක තරගාවලිය අහිමි වන බවයි.

මීට පෙර ඔවුන්ගේ අනෙක් ප්‍රබල පන්දු යවන්නා වන පැට් කමින්ස් (Pat Cummins) ද කොන්දේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකුම නොමැතිව තරග බිමට පිවිසීමට ඔවුන්ට සිදු වී ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ 2011 වසරෙන් පසු ඔවුන්ගේ ප්‍රබල වේගපන්දු තිත්වය වන මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් යන තිදෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකු හෝ නොමැතිව ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

ලොව අංක එකේ වේගපන්දු බලඇණියක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවට මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ අඩුව පිරවීම බරපතල අභියෝගයක් වනු ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පවතින තණතීරුවල ඔවුන්ගේ අත්දැකීම් ඕස්ට්‍රේලියාවට ඉතා වැදගත් වීමට තිබුණි.

හෙසල්වුඩ් වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

World News

Send your contact Details Today