Latest News

පැසිෆික් සාගරයේ තවත් යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක් – දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන තවත් යාත්‍රාවකට අමෙරිකානු හමුදාව එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකානු දකුණු විධානය (SOUTHCOM) නිවේදනය කරයි.

පෙබරවාරි 5 වන දින දකුණු විධානයේ නව අණදෙන නිලධාරී ජෙනරාල් ෆ්‍රැන්සිස් එල්. ඩොනොවන්ගේ (Gen. Francis L. Donovan) නියෝගය පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

“Operation Southern Spear” ලෙස හැඳින්වෙන මෙම මෙහෙයුම යටතේ මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 119 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙය 2026 වසරේ මෙවැනි යාත්‍රාවකට එල්ල වූ දෙවන ප්‍රහාරයයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව “සන්නද්ධ ගැටුමක්” ප්‍රකාශයට පත් කරමින් මෙම ප්‍රහාර සාධාරණීකරණය කළද, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ප්‍රහාරවලින් මියයන පුද්ගලයන් කවුරුන්ද යන්න හෝ එම යාත්‍රාවල මත්ද්‍රව්‍ය තිබුණේද යන්න පිළිබඳව නිසි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇමරිකානු හමුදාව අපොහොසත් වී ඇති බව කොන්ග්‍රස් මණ්ඩලයේදී හෙළි වී ඇත.

යුද නීති විශාරදයින් පවසන්නේ සැකකටයුතු යාත්‍රාවලට මෙලෙස මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම නීති විරෝධී බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවැනි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්, “අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදුකළ මනුෂ්‍ය ඝාතන” සම්බන්ධයෙන් ඇමරිකානු රජයට එරෙහිව පසුගියදා නඩු පවරා තිබේ.

මෙම මෙහෙයුම් මත්ද්‍රව්‍ය මර්දනය සඳහා බව පැවසුවද, එහි සැබෑ අරමුණ වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ (Nicolás Maduro) බලයෙන් පහ කිරීම බවට ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මීට පෙර පෞද්ගලිකව පිළිගෙන තිබුණි.

පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු හමුදා විසින් මදුරෝව අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ගිය අතර, ඔහුට එරෙහිව දැනට අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ සැකකරුවන්ට වෙඩි තබා මරා දැමීම වෙනුවට, ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම මීට පෙර පැවති පිළිගත් ක්‍රමවේදය බවයි.

World News

Send your contact Details Today