Latest News

වැටලීම් දෙකකදී කෝටි 22ක මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් සහ කාන්තාවක් කොටු වෙයි

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටුනායක සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී සිදුකළ වැටලීම් දෙකකදී රුපියල් කෝටි 22කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී, රුපියල් කෝටි 02කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.116ක් සමඟ ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මගියා 26 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මොහුට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, බොරලැස්ගමුව නිර්මල මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුත් ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලිසිය සමත්විය.

එහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 17කට අධිකය.

මේ සම්බන්ධව 31 හැවිදිරි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

World News

Send your contact Details Today