Latest News

විදෙස්ගත පාතාල කල්ලි නායකයන්ගේ ‘කොන්ෆරන්ස් කෝල්’ එකක් එළියට

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදෙස්ගතව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් සිව්දෙනකු අතර සිදුවූ අතිශය සංවේදී සහ භයානක කරුණු රැසක් අනාවරණය වන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මිනිත්තු 22ක පමණ කාලයක් දිවෙන මෙම හඬපටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා’පොලීසියේ විශේෂ අවධානය යොමුව තිබේ.

මෙම සමූහ දුරකථන සංවාදයට විවිධ රටවල සැඟව සිටින බව කියන රසල් ස්මිත්, ප්‍රංශ රූබන්, එංගලන්තයේ කුඩු ලාල් සහ වැල්ලේ සාරංග යන අපරාධකරුවන් සිව්දෙනා එක්ව සිටින බව සඳහන්.

සංවාදය අතරතුර මතු වූ වඩාත් භයානක කරුණ වන්නේ, ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටි වැල්ලේ සාරංග වෙත එරට පොලිසිය දැක්වූ බව කියන දැඩි ක්‍රියාකලාපයට පළිගැනීමක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් ඉලක්ක කිරීමට ඔවුන් දරන උත්සාහයයි.

පළිගැනීමක් වශයෙන් එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන එරට වැසියන්ට පහරදීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින සිය සහචරයන් මෙහෙයවන බවට රසල් ස්මිත් නමැත්තා මෙහිදී වෛරීසහගත ප්‍රකාශයක් සිදුකරනු ද එම හඬ පටයේ අන්තර්ගතයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත විවිධ අපරාධ මෙහෙයුම් සම්බන්ධයෙන් ද මෙම පාතාල සාමාජිකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන අයුරු හඬපටයේ ඇතුළත්.

මෙමගින් අනාවරණය වී ඇති කරුණු ඔස්සේ මෙරට සිටින ඔවුන්ගේ සහචරයන් සහ මත්ද්‍රව්‍ය ජාලයන් හඳුනා ගැනීමට බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ හඬපටයේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා එය රස පරීක්ෂක වෙත යොමු කිරීමටත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගැනීමටත් ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී.

World News

Send your contact Details Today