Latest News

අමෙරිකාවේ ලිපිගොනු වර්ගයක් ප්‍රසිද්ධ කිරීමේදී බරපතල අතපසුවීමක් – වින්දිතයන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ජෙෆ්රි එප්ස්ටයින්ගේ අපරාධවලට අදාළ රහසිගත ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමේදී අමෙරිකානු බලධාරීන් අතින් සිදු වූ බරපතල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වින්දිතයන් රැසකගේ අනන්‍යතාව හෙළි වී ඇති බව වාර්තා වේ.

මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, නිසි ලෙස වසන් නොකළ (Unredacted) වින්දිතයන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දින ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ වෙබ් අඩවිවල තිබීමයි.

BBC පරීක්ෂණ අංශය (BBC Verify) අනාවරණය කර ඇත්තේ, එප්ස්ටයින්ගේ ගොදුරු බවට පත් වූ පුද්ගලයින්ගේ මුහුණු සහ අනන්‍යතාව හෙළිවන දත්ත ඇතුළත් දහස් සංඛ්‍යාත ලේඛන තවමත් අන්තර්ජාලය තුළ පවතින බවයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, පසුගිය සිකුරාදා ප්‍රසිද්ධ කරන ලද ලිපිගොනු අතර වින්දිතයන්ගේ ඡායාරූප 40ක් පමණ නිසි සංස්කරණයකින් තොරව තිබී ඇත.

මෙලෙස දත්ත හෙළිවීම තුළින් වින්දිතයන්ට සිදු වූ හානිය “ප්‍රතිසංස්කරණය කළ නොහැකි” (Irreparable) මට්ටමේ පවතින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බ්‍රැඩ් එඩ්වර්ඩ්ස් පවසයි.

මෙම අර්බුදය හමුවේ නිව්යෝර්ක් විනිසුරුවරයෙකු කළ නියෝගයකට අනුව, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) සිය වෙබ් අඩවියෙන් ලිපිගොනු දහස් ගණනක් ඉවත් කර තිබේ.

මෙය “තාක්ෂණික හෝ මානුෂීය වැරැද්දක්” නිසා සිදු වූවක් බව ඔවුන් පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, රජය මෙම ලිපිගොනු ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රකාශ කළ ද, ඉන් පසුවත් ඇතැම් සංවේදී දර්ශන අන්තර්ජාලයේ සැරිසරන අයුරු BBC පරීක්ෂණ අංශය විසින් ස්වාධීනව තහවුරු කරගෙන තිබේ.

මෙම ලේඛන පරීක්ෂා කිරීමේදී බලධාරීන්ගේ නොසැලකිල්ල මැනවින් විදහා දැක්වේ. ඇතැම් ලේඛනවල එක් ඡායාරූපයක මුහුණ කළු කොටුවකින් වසා තිබුණ ද, එම ලේඛනයේම තවත් පිටුවක එම ඡායාරූපයම කිසිදු ආවරණයකින් තොරව ප්‍රසිද්ධ කර තිබූ බව වාර්තා වේ.

එමෙන්ම තරුණ කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ද මෙලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මෙම සිදුවීමත් සමඟ, මින් පෙර එප්ස්ටයින් නඩුවට අදාළව නම හෙළි නොවූ තවත් පුද්ගලයන් රැසකගේ අනන්‍යතාව හෙළිවීමේ දැඩි අවදානමක් මතුව ඇත.

World News

Send your contact Details Today