Latest News

ඉතිහාසයේ මිල අධිකම ඔලිම්පික් පදක්කම් මෙවර ඉතාලියේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල ඉතාලියේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයින්ට පිරිනමන පදක්කම්, ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම මූල්‍ය වටිනාකමක් සහිත පදක්කම් ලෙස වාර්තා පොත් අතරට එක්වී තිබේ.

ලෝක වෙළඳපොළේ රන් සහ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

2024 වසරේ පැවැති පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව, රන් මිල 107% කින් සහ රිදී මිල 200% කින් පමණ ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

මේ නිසා පදක්කමක අඩංගු ලෝහවල වටිනාකම පමණක් සැලකීමේදී පවා එය විශාල අගයක් ගනී.

මෙවර රන් පදක්කමක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 2,300 (රුපියල් 690,000 කට ආසන්න) කි. මෙය පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

එමෙන්ම රිදී පදක්කමක වටිනාකම ඩොලර් 1,400 (රුපියල් 420,000 කට ආසන්න) ක් වන අතර එය වසර දෙකකට පෙර පැවති වටිනාකමට වඩා තුන් ගුණයක වැඩි වීමකි.

ලෝකඩ පදක්කම: තඹ ලෝහයෙන් නිර්මාණය වන ලෝකඩ පදක්කමක මූල්‍ය වටිනාකම ඩොලර් 5.60 (රුපියල් 1,700 කට ආසන්න) කි.

කෙසේවෙතත් 1912 වසරෙන් පසු පිරිසිදු රන් භාවිත කරමින් ඔලිම්පික් පදක්කම් නිර්මාණය කර නොමැති බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි.

මෙවර විශේෂත්වය වන්නේ මෙම සියලුම පදක්කම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද (Recycled) ලෝහ භාවිත කරමින් ඉතාලි රජයේ ටංකාලය (Italian State Mint) මගින් නිපදවා තිබීමයි.

ලෝක දේශපාලන අස්ථාවරත්වය සහ මධ්‍යම බැංකු විසින් රන් සංචිත රැස් කිරීම හේතුවෙන් රන් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, එමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී පදක්කම්වලට ලැබී ඇති අතිමහත් මූල්‍ය වටිනාකම මෙවර කාගේත් කතාබහට ලක්වී තිබේ.

World News

Send your contact Details Today