ඉරාන උත්තරීතර නායකයා දැඩි ලෙස බිය විය යුතු කාලය එළඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
ඉරානය දෙසට අමෙරිකානු ප්‍රබල නාවික හමුදා බලඇණියක් ගමන් කරමින් පවතින පසුබිමක සහ අමෙරිකාව ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට පළවන වාර්තා මධ්‍යයේ ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.
ඉරානය යළිත් තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ ට්‍රම්ප්, ඔවුන් එවැන්නක් සිදුකළහොත් ඉරානයට “ඉතාමත් කණගාටුදායක ඉරණමකට” මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය.
එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහමුලින්ම අතුගා දමන බවද ඔහු අවධාරණය කළේය.
පවතින උණුසුම් තත්ත්වය සමනය කරගැනීම සඳහා අමෙරිකාව සහ ඉරානය ලබන සිකුරාදා ඕමානයේදී සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇත.
කෙසේ වෙතත් දෙපාර්ශවයේ අපේක්ෂාවන් පරස්පර විරෝධී ස්වරූපයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඉරාන රියාල් මුදලේ අගය දරුණු ලෙස කඩා වැටීමත් සමඟ දෙසැම්බර් අග භාගයේ ආරම්භ වූ මහජන විරෝධතා ජනවාරි මුල වන විට මර්දනයක් දක්වා වර්ධනය විය.
මෙම මර්දනය ලොව පුරා දැඩි දෝෂාරෝපණයට ලක් වූ අතර, විරෝධතාකරුවන්ට තම සහයෝගය අඛණ්ඩව හිමිවන බවද ට්‍රම්ප් මෙහිදී යළිත් සිහිපත් කළේය.
මෙම ඕමාන් සාකච්ඡා, කලාපීය සාමය තීරණය කරන තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.