Latest News

නයිජීරියාව ලෙයින් තෙත් වෙයි – 200කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාවේ බටහිර සහ උතුරු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සන්නද්ධ කල්ලි එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් සහ ප්‍රදේශවාසීන් තහවුරු කරයි.

ප්‍රහාරවලින් දිවි ගලවා ගත් පිරිස් මියගිය අයගේ දේහයන් භූමදානය කරමින් සිටින අතර, ආරක්ෂක අංශ ප්‍රහාරකයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

වඩාත්ම දරුණු ප්‍රහාරය වාර්තා වූයේ බටහිර නයිජීරියාවේ ක්වාරා (Kwara) ප්‍රාන්තයෙනි.

පසුගිය අඟහරුවාදා සවස් කාලයේ “වෝරෝ” (Woro) ප්‍රජාව ඉලක්ක කරගත් සන්නද්ධ පිරිසක් එහි පදිංචිකරුවන් 170කට අධික පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇත.

ප්‍රාදේශීය මන්ත්‍රී සයිදු බාබා අහමඩ් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ප්‍රහාරකයින් විසින් ගම්මානයේ වැසියන් එක්රැස් කර, ඔවුන්ගේ දෑත් පිටුපසට බැඳ අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස නිවාස සහ වෙළඳසැල් ගිනිබත් කර තිබේ.

මේ අතර උතුරු නයිජීරියාවේ කැට්සිනා (Katsina) ප්‍රාන්තයේද ප්‍රහාරයක් සිදුව ඇති අතර එහිදී අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඝාතනය කර ඇත.

ප්‍රහාරකයින් නිවසින් නිවසට ගොස් එහි සිටි වැසියන්ට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

කෙසේ වෙතත්, නයිජීරියාව මේ වන විට බෝකෝ හරාම් (Boko Haram) සහ ISIL වැනි අන්තවාදී කණ්ඩායම්වල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මෙන්ම කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැහැරගන්නා සන්නද්ධ කල්ලිවල දරුණු තර්ජනයකට මුහුණ දී සිටියි.

ක්වාරා පොලිස් ප්‍රකාශක ඇඩෙටවුන් එජිරේ-අඩෙයෙමි කියා සිටියේ, පොලිසිය සහ හමුදාව එක්ව ප්‍රදේශයේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බවයි.

World News

Send your contact Details Today