Latest News

Pinterest සමාගමේ රහස් තොරතුරු ලබාගත් ඉංජිනේරුවන් දෙදෙනෙකුට වැඩ වරදී

Published 10 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Pinterest සමාගම එහි මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනෙකු සේවයෙන් පහ කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ තම සමාගමෙන් ඉවත් කළ සේවකයින්ගේ ලැයිස්තුවක් අවසරයකින් තොරව සකස් කිරීම හේතුවෙන්.

Pinterest සමාගම මෑතකදී එහි සේවකයින්ගෙන් 15% ක් (700ක් පමණ) ඉවත් කිරීමට තීරණය කළේය.

නමුත් ඉවත් කරන්නේ කවුරුන්ද යන්න සමාගම ප්‍රසිද්ධ කළේ නැත.

කෙසේවෙතත් සේවයෙන් ඉවත් කළ පුද්ගලයින් කවුදැයි දැනගැනීම සඳහා මෙම ඉංජිනේරුවන් දෙදෙනා විශේෂ පරිගණක කේතයක් (Script) ලියා ඇත.

එමඟින් සමාගමේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධති (Slack වැනි) හරහා ඉවත් කළ අයගේ නම් සහ තොරතුරු ස්වයංක්‍රීයව සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම ක්‍රියාව සේවකයින්ගේ පෞද්ගලිකත්වය සහ සමාගමේ රහස්‍යභාවය පිළිබඳ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔවුන්ව වහාම සේවයෙන් ඉවත් කිරීමට Pinterest පියවර ගෙන ඇත.

පසුගිය වසර හතර තුළ ලොව පුරා තාක්ෂණික සමාගම්වලින් සේවකයින් 700,000 ක් පමණ ඉවත් කර ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් තාක්ෂණික සමාගමක සේවකයෙකු ඉවත් කළ විට ඔවුන්ගේ අභ්‍යන්තර ගිණුම් අක්‍රිය වේ.

අනෙකුත් සේවකයින් තමන්ගේ සගයන් අතුරුදහන් වී ඇතිදැයි බැලීමට මෙවැනි ක්‍රම භාවිතා කිරීම පොදු දෙයක් වුවද, Pinterest සමාගම පවසන්නේ දත්ත අවභාවිත කරමින් තොරතුරු රැස් කිරීම බරපතල වරදක් බවයි.

World News

Send your contact Details Today