වැලන්ටයින් වෙනුවෙන් මුදල් මල් කළඹක් සෑදීම සඳහා, විවිධ වර්ණ හා වටිනාකම් සහිත නෝට්ටු රෝල් කර පසුව මල් පොකුරක් මෙන් පෙනෙන ලෙස සැකසීම කරන සහ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා පුද්ගලයන්ට එරෙහිව කෙන්යාවේ මහ බැංකුව විසින් අනතුරු අඟවා තිබේ.
ඒ මෙම ක්‍රමය මේ දිනවල නැගෙනහිර අප්‍රිකානු ජාතියේ ප්‍රවණතාවක් බවට පත්ව ඇති මොහොතකයි.
ඒ අනුව කෙන්යාවේ මහ බැංකුව (CBK) පවසන්නේ නිර්මාණකරුවන් කෙන්යානු මුදල් විකෘති කරන බවත් අත්අඩංගුවට ගතහොත් වසර හතක සිර දඬුවමකට මුහුණ දිය හැකි බවයි.
CBK ට අනුව, මුදල් නෝට්ටු “නැමීම, රෝල් කිරීම, ඇලවීම, ස්ටේපල් කිරීම, පින් කිරීම හෝ වෙනත් ආකාරයකින් ඇලවීම හෝ ඇලවුම් හෝ සවි කිරීමේ ද්‍රව්‍ය භාවිතයෙන්… ඒවායේ අඛණ්ඩතාවයට හානි කිරීම” සිදු වේ.
මෙය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර වැනි උපකරණවලට බලපාන බව CBK නිකුත් කළ එහි ප්‍රකාශයේ සඳහන් කළේය.
මුදල් මල් කළඹ නිසා මුදල් නෝට්ටු වැඩිපුර ප්‍රතික්ෂේප වීමටත්, මහජනතාවට සහ බැංකුවට මුදල් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අනවශ්‍ය වියදම් දැරීමටත් සිදු වූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.
කෙසේ වෙතත්, මුදල් තෑගි ලෙස භාවිතා කිරීමට තමන් විරුද්ධ නොවන බව බැංකුව පැවසූ අතර, මුදල් නෝට්ටුවලට හානි නොවන පරිදි විකල්ප ක්‍රම සොයා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
කෙන්යාව ලොව ප්‍රමුඛතම මල් වගා කරන්නෙකු වන අතර – එබැවින් පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය සඳහා නැවුම් මල් පිපීම වඩාත් සුදුසු තෑග්ගක් වනු ඇතැයි පවසන සමහරුන් විසින් මෙම නිවේදනය පිළිගෙන ඇත.