ඉරාන ඩ්‍රෝන යානයකට අද (04) දින අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අරාබි මුහුදේ රඳවා ඇති ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව දෙසට පියාසර කරමින් තිබියදීයී.
මෙම ෂාහෙඩ්-139 වර්ගයේ ඉරාන ඩ්‍රෝන යානය නෞකාව දෙසට ඇදී එමින් තිබියදී F-35 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක යානයක් මගින් එය විනාශ කළ බවයි අමෙරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.
මේ සතියේ අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක්.