ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනය අද (04) දිනයට යෙදී තිබේ.
මෙවර ජාතික නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ “ගොඩනගමු ශ්‍රී ලංකා” යන්නයි.
ඒ අනුව මෙවරත් නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්ප්රාප්තියත් සමඟ ආරම්භ විය.
මෙවර නිදහස් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක් සහභාගි වීමට නියමිතයි.
එමෙන්ම යුද හමුදාව සඳහන් කළේ සෙසු නිලයන් 4,298 දෙනෙකු, නිදහස් දින ප්‍රධාන අචාර පෙළ පාලිය සඳහා නාවික හමුදාවේ අංශය 8ක් නියෝජනය කරමින් නිලධාරින් එක්වීමට නියමිතයි.
මෙවර නිදහස් උත්සවය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 62ක් සහ සෙසු නිලයන් 521 දෙනෙකු ඇතුළුව 583 දෙනෙකු එක්වීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළා.
මේ අතර නිදහස් සැමරුම පැවැත්වෙන අද (04) දිනයේ දී උදෑසන 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් සංවිධානය කර තිබේ.