ජපානයේ අමෝරි ප්‍රදේශයට වාර්තා ගත හිමපතනයක් ලැබී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව ඊසාන දිග ජපානයේ අමෝරි ප්‍රාන්තයට අධික හිම පතනයක් ලැබීමත් සමග ජීවිත හානි හා යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඒ සමඟම හිම ඉවත් කිරීම සඳහා ස්වයං ආරක්ෂක බලකාය කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
අමෝරි නගරයට සෙන්ටිමීටර 183ක පමණ හිම පතනයක් ලැබී ඇති අතර එය සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ අගයක් බව වාර්තා වේ.
මේ වන විටත් වහලවල් මත ඇති හිම ඉවත්කිරීමට යාමෙන් ඇද වැටී පුද්ගලයින් 90 දෙනෙකු පමණ තුවාල ලබා තවත් කිහිපදෙනෙකු මිය ගොස් තිබේ.
එබැවින් එම කටයුතු ස්වයං ආරක්ෂණ බලකායට පැවරීමටයි පියවර ගෙන ඇත්තේ.