Latest News

05 හැවිරිදි දරුවෙකු අමෙරිකාවේ ICE අත්අඩංගුවේ – නිදහස් කිරීමට අධිකරණ නියෝගයක්

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ICE (Immigration and Customs Enforcement) අත්අඩංගුවේ සිටි 5 හැවිරිදි ලියම් සහ ඔහුගේ පියා නිදහස් කිරීමට අධිකරණයක් නියෝගයක් කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ෆෙඩරල් විනිසුරු ෆ්‍රෙඩ් බියරි විසින්, ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිලී නගරයේ පවුල් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි 5 හැවිරිදි ලියම් කොනෙහෝ රැමෝස් සහ ඔහුගේ පියා වහාම නිදහස් කිරීමටයි නියම කර ඇත්තේ.

විනිසුරුවරිය මෙම අත්අඩංගුව දැඩි ලෙස විවේචනය කරමින් කියාසිටියේ මෙය “දරුවන්ට මානසික වියවුලක් ඇති කරන, අමානුෂික ක්‍රියාවක්” බවයි.

ආණ්ඩුව විසින් භාවිතා කරන පරිපාලන වරෙන්තු ව්‍යවස්ථාවට අනුකූල නොවන බවද ඇය සඳහන් කළාය.

අධිකරණ නියෝගයෙන් අනතුරුව ලියම් සහ ඔහුගේ පියා අඟහරුවාදාට පෙර නිදහස් කළ යුතු බව සඳහන්.

ලියම් සහ ඔහුගේ පියා, මිනිසෝටා ප්‍රාන්තයේ ඔවුන්ගේ නිවස අසලදී ICE ආගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කිලෝමීටර් 2,100ක් දුරින් පිහිටි ටෙක්සාස් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකට යවා සතියකට වැඩි කාලයක් එහි රඳවා සිටි බවයි වාර්තා වන්නේ.

ලියම්ගේ Spider-Man බැග්පැක් එකක් දරාගෙන සිටින ICE නිලධාරියෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල විශාල විරෝධයක් ඇති කළ අතර, මෙම සිද්ධිය දරුවන් ICE රඳවා ගැනීම් ගැන නැවතත් විශාල අවධානයක් ලබාදී තිබේ.

ලියම්ගේ පවුල එක්වදෝරයෙන් පැමිණ අමෙරිකාවේ නීත්‍යානුකූලව සරණාගත වීසා ඉල්ලා සිටි පවුලක් බවටයි වාර්තා වන්නේ.

ලියම්ගේ පියාට කිසිදු අපරාධ ඉතිහාසයක් නොමැති බවද තහවුරු වී තිබෙන අතර මෙම නියෝගය දරුවන් සහ පවුල් ICE විසින් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන නැවතත් උත්සන්න කර තිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today