Latest News

අමෙරිකානු ජනයා ට්‍රම්ප්ට එරෙහි වෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිවයි.

මේ යටතේ රැකියා සඳහා වාර්තා කිරීමෙන්, පාසල් යාමෙන් සහ වෙළෙඳ කටයුතුවලින් වැළකී ජනතාව සිය විරෝධය පළ කරන බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

මෑතකදී මිනියාපොලිස් නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙම දැවැන්ත විරෝධතා රැල්ලට ආසන්නතම හේතුව වී තිබේ.

ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක විරෝධතා සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

World News

Send your contact Details Today