Latest News

Gmail භාවිතා කරන්නන්ට සයිබර් ප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පරිශීලකයින්ට ඔවුන්ගේ පැරණි ලිපිනය අන්වර්ථ නාමයක් ලෙස තබා ගනිමින් නව ලිපිනයක් නිර්මාණය කිරීමට ඉඩ සලසන නව Google විශේෂාංගයක් උපයෝගී කර ගනිමින් වංචාවන් පිළිබඳව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් Gmail පරිශීලකයින්ට අනතුරු අඟවයි.

මෙම මස මුලදී නිකුත් කරන ලද යාවත්කාලීන කිරීම, පරිශීලකයින්ට පැරණි විද්‍යුත් තැපැල් ලිපින ප්‍රතිස්ථාපනය කිරීමට උපකාර කිරීම සඳහා අදහස් කෙරේ.

නමුත් වංචාකරුවන් වෙනස පිළිබඳව වංචනික විද්‍යුත් තැපැල් යවමින්, ගිණුම් අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් කරමින් සිටින බවටයි අනතුරු අඟවන්නේ.

එම පණිවිඩ බොහෝ විට ‘Gmail ලිපිනය වෙනස් කිරීමක්’ හෝ ආරක්ෂක තහවුරු කිරීමක් ඉල්ලා සිටින අතර, ඒවා no-reply@accounts.google.com වැනි සැබෑ Google ලිපින වලින් පැමිණෙන බැවින් ඒත්තු ගැන්වෙන ලෙස පෙනේ.

එහිදී නිල Google සහාය පිටු මෙන් පෙනෙන සබැඳි සහිත නව ලිපිනයක් තහවුරු කිරීමට හෝ ඔවුන්ගේ ගිණුම සත්‍යාපනය (Verify) කිරීමට උපදෙස් දෙනු ලැබේ.

නමුත් ඒවා සබැඳි Google හි පිවිසුම් සහ ආරක්ෂක තිර අනුකරණය කිරීමට නිර්මාණය කර ඇති sites.google.com හි ව්‍යාජ වෙබ් අඩවි වලට මග පාදයි.

ප්‍රහාරකයින් සාර්ථක වුවහොත්, ඔවුන්ට Gmail සහ Drive, Photos, Calendar සහ Google පිවිසුම් වලට සම්බන්ධ තෙවන පාර්ශවීය ගිණුම් ඇතුළුව සම්බන්ධිත සියලුම Google සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය.

ඒ අනුව ඕනෑම සැක සහිත විද්‍යුත් තැපෑලක් මකා දැමීමට සහ සබැඳි මත ක්ලික් කිරීමෙන් හෝ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින්නැයි පරිශීලකයින්ට උපදෙස් දෙනු ලැබේ.

World News

Send your contact Details Today